25 C
Colombo
Friday, March 29, 2024

ලොක්ඩවුන් කළාට සේරම පාරේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්: අපි දාලා තියෙන්නේ හයිබ්‍රිඩ් ලොක්ඩවුන් එකක් – නිපුන රණවක

- Advertisement -

සංචරණ සීමා හා නිරෝධායන ඇඳිරි නීතිය ඉතාමත් අවසනාවන්ත ලෙස හා ඉතාමත් අවිනීති ආකාරයෙන් කඩකරන ආකාරය දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම සඳහා ඉඩ ලබාදුන් බලධාරීන් හො එය කඩකරන පුරවැසියන් පමණක් නොව සමස්ත මහජනතාවටම මීට වන්දි ගෙවීමට සිදුවන නිසාවෙන් රට තවදුරටත් අවාසනාවන්ත තත්ත්වයකට ඇඳවැටීමට හැකි බව තම සංගමය අනතුරු අඟවන බව උපුල් රෝහණ මහතා සදහන් කරනවා.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා රටේ ආර්ථිකයටත් හානි සිදුකරගනිමින් මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයද පාලනය කර නොගනිමින් මෙලෙස කටයුතු කිරීමෙන් රට තවදුරටත් පරිහානියට පත්වේයැයි තම සංගමය විශ්වාසය පලකරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා පවසන්නේ රටේ පනවා ඇත්තේ මෙරටටම ආවේණීක හයිබ්‍රිඩ් ලොක්ඩවුන් ක්‍රමයක් බවයි.

ඔහු පෙන්වා දෙන්නේ යම් තරමක රට වැසීමක් කළද රජය සම්පූර්ණයෙන්ම රට වසා නොමැති බවයි.

අත්‍යවශ්‍ය සේවාවන් මෙන්ම අනෙකුත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට රජය ඉඩලබාදී ඇති බවත් එය ලෝකයම පිළිගත් ක්‍රමයක් බවත් නිපුන රණවක මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...