29 C
Colombo
Thursday, July 17, 2025

ලොහාන් නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ගෙන එයි

- Advertisement -

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන විත් තිබෙනවා.

නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (31) පෙරවරුවේ කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

 අනතුරුව ඔහුව මිරිහාන පොලිසිය වෙත රැගෙන එනු ලැබූ අතර මිරිහාන පොලිසියේදී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට විත් තිබෙනවා.

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් නිවසක තිබී අංක තහඩු නොමැති මෝටර් රථයක් මිරිහාන පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 26 වැනිදායි.

මිරිහාන පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර පොලිස් භාරයට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණෙන් රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්. සිව්දෙනෙක්ට තුවාල

මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

POPULAR ARTICLES