ලොන්ග්මාච් 5B වර්ගයේ චීන රොකට්ටුවේ කොටස් ඉන්දියානු සහ පැසිෆික් සාගරයට ඉහළින් පෘථිවියට කඩා වැටී ඇති බව එක්සත් ජනපද සහ චීන බලධාරීන් පවසනවා.
චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ රොකට්ටුවේ බොහෝ කොටස් වායුගෝලයේ පිළිස්සී ඇති බවයි.
මෙසේ පාලනයකින් තොරව රොකට්ටු කොටස් නැවත පෘතුවියට පැමිණීම හරහා අභ්‍යවකාශ අපද්‍රව්‍ය පිළිබඳ වගවීමේ වගකීම පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති අතර නැවත පැමිණීමේදී කුඩා කැබලිවලට කැඩී යන පරිදි රොකට්ටු සැලසුම් කරන ලෙස මීට පෙර නාසා ආයතනය විසින් චීන අභ්‍යවකාශ ඒජන්සියෙන් ඉල්ලීම් පවා සිදුකර තිබෙනවා.
ටියැන්ගොන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ ඉන්ධන ප්‍රවාහනයට යොදාගත් ලොන්ග්මාච් 5B වර්ගයේ රොකට්ටුව පෘථිවියට කඩාවැටීමේ අවදානමක් පවතින බවට පසුගියදා නාසා ආයතනය අනතුරු අඟවා තිබුණා.
පාලනයකින් තොරව කඩා වැටුණු රොකට් කොටස් ජනාකීර්ණ ප්‍රදේශයකට පතිත වීමේ අවධානමක් තිබූ බවත් ඇලුමිනියම් වැනි ලෝහ මගින් රොකට්ටු කොටස් නිර්මාණය කර කුඩා කැබලිවලට කැඩී යන පරිදි රො
කට්ටු සැලසුම් කළ හැකි වුවත් එය මිලෙන් අධික වීම හේතුවෙන් එවැනි පියවරයන් මගහැර රොකට්ටු නිර්මාණය කිරීම හරහා මෙවැනි විපත් සිදුවිය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
