අද (21) දිනයේ සංචරණ සීමා ඉවත්කිරීමත් සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ බැංකු හා උකස් මධ්‍යස්ථාන අසළ දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
එම බොහෝ ස්ථානවල මීටරයේ දුර කිසිසේත්ම ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උදාවී ඇත්තේ බැංකු වසා දැමීමට පෙර කෙසේ හෝ තමන් පැමිණි කටයුත්ත සිදුකරගැනීමට පාරිභෝගික ජනතාව උත්සහ කිරීම නිසාවෙන් බවයි පැවසෙන්නේ.
අප වාර්තාකරුවන් පැවසූවේ මේ වන විට ජනතාව දැඩි මූල්‍ය අර්බුදයක සිටින බැවින් බැංකුවලට මෙන්ම උකස් මධ්‍යස්ථානවලටද පැමිණෙන්නේ තම කණකර උකස් තැබීමට බවයි.





