මෙරටට මර්බන් බොරතෙල් ආනයනයේ දිගු කාලීන කොන්ත්‍රාත්තුව සඳහා සිදු කළ ලංසු කැඳවීමකින් අනතුරුව එම කොන්ත්‍රාතුව M/s Conscio Ltd, Nigeria වෙත පිරිනැමීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මීට අමතරව, මාස අටක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය කරන ඩීසල් ආනයනය කිරිමේ කොන්ත්‍රාත්තුව සිංගප්පුරුවේ එම්.එස් පෙට්‍රෝ චයිනා සමාගමට පිරිනැමීම සඳහාත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුවක් වන මෙම ගිවිසුම අනුව අදාළ සමගම විසින් උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05 ඩීසල් බැරල් 1,137,500ක් සහ උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05 ඩීසල් බැරල් 262,500ක් මෙරටට අනයනයකරනු ඇති.

