24 C
Colombo
Sunday, February 16, 2025

ලොස් ඇන්ජලීස් නුවර ලැව්ගිනි ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඉදිරි දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර ලැව්ගිනි පැතිරීම වේගවත් විය හැකි බව, අමෙරිකානු කාලගුණ බලධාරීන් අනතුරු අඟවනවා.

ඒ, තද සුළං ඇති විය හැකි බවට ද, අනාවැකි පළ කරමින්.

පුද්ගලයින් 24 දෙනෙකුට දිවි අහිමි කළ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී ලැව්ගින්න මේ වනවිට තවත් උග්‍ර වෙමින් පවතින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 23 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ලැව්ගිනි තුනක් තවදුරටත් සක්‍රීයව පවතින අතර ඉන් වැඩිම හානියක් සිදු වී ඇත්තේ පැලිසේඩ්ස් ප්‍රදේශයට බව අමෙරිකානු කාළගුණ බලධාරීන් පවසනවා.

එහි අක්කර 23,000 කට අධික ප්‍රමාණයන් විනාශ වී ඇති අතර මේ වනවිට ගින්නෙන් 14% ක් පාලනය කිරීමට එරට ගිනි නිවන හමුදා භටයින් සමත් වී තිබෙනවා.

ලැව්ගිනි තත්ත්වයත් සමග පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසකට නිකුත් කළ ඉවත් වීමේ නියෝග, තවදුරටත් ක්‍රියාත්මකයි.

12,000 කට වැඩි නිවාස ප්‍රමාණයක් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, ඉන් ඉදිකිරීම් 7,000 ක් ම ලැව්ගින්නෙන් විනාශ වී තිබෙනවා.

මේ අතර ගිනි අවදානමට ලක්ව ඇති අනෙකුත් දකුණු කැලිෆෝනියා ප්‍රාන්තවල ද ගිනි නිවන භටයින් පූර්ව ස්ථානගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES