28.9 C
Colombo
Thursday, March 27, 2025

හංවැල්ලේ ඝාතනය ගැන තොරතුරු රැසක්

- Advertisement -

කප්පම් ලබා නොදීමේ සිද්ධියක් මුල්කරගෙන හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුව නාඳුනන තුවක්කරුවකු විසින් ඊයේ (30) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළා.

ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නන්ගර නැමැති පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර මේ සමගම ඔහු කප්පම් ඉල්ලූ ව්‍යාපාරිකයන් පිරිසක් එම ප්‍රදේශයේ නිවෙස් අතහැර ගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම ව්‍යාපාරිකයන් ඔහුගේ මරණ තර්ජනවලට ඇති බිය හේතුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කර තිබෙන බව පැවසෙනවා.

මෙම සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි සඳහන් වන්නේ.

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී 8.15ට පමණ පැමිණි නාඳුනන තුවක්කුකරුවකු එහි පදිංචිව සිටි ව්‍යාපාරිකයාව ඝාතනය කර තිබුණා.

වෙඩික්කරු අපරාධය සඳහා නිවසෙහි වූ තාප්පයකින් පැන පැමිණෙන අයුරු සහ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු වෙඩික්කරු පළ යන ආකාරය ද සීසීටීවී කැමරාවක සටහන්වී තිබෙන බව සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වජිර නිශාන්ත නමැති 55 හැවිරිදි ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ නිවසට 2021 වසරේ ද වෙඩි තබා ඇති අතර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයකට ද ගිනි තබා තිබෙන බව පොලිසිය පවසනවා.

ලලිත් කන්නන්ගර නමැත්තා මීට පෙර අවස්ථා ගණනාවකදීම ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම මුදල් ලබානොදීම නිසා ඔහුට හා පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන සිදුකර තිබෙනවා.

අවසන් කාලයේදී අදාළ ව්‍යාපාරිකයා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලලිත් කන්නන්ගර නමැත්තා උරණව සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

ලලිත් කන්නන්ගර බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කිරීමට කොළඹට පැමිණි මුල් අවධියේ ඔහුව සිය නිවසේ රඳවාගෙන උදව් උපකාර කරනු ලැබ ඇත්තේද ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා විසින්.

එමෙන්ම අදාළ පුද්ගලයාට රියදුරු බලපත්‍රය ද සකස්කර දී ඇත්තේ, ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා බව පොලීසිය පවසනවා.


RECENT ARTICLES - SINHALA

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

POPULAR ARTICLES

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...