30 C
Colombo
Thursday, January 16, 2025

ගල්කිස්සේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක්

- Advertisement -

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී අද (07) අලුයම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ නිවසකට අද අළුයම 4.25ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන බඩෝවිට අසංක හා කොස්මල්ලි නැමැත්තන් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් හා ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමෙන් නිවස තුළ සිටි 36 හැවිරිදි සුදත් ගෝමස් හෙවත් මනෝ නැමැත්තා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර චානක විමුක්ති හෙවත් සඳුන් නැමැති 20 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය ගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් අනතුරුව පලාගිය නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය අද උදෑසන ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා සිල්වා මහත්මිය විසින් සිදුකරනු ලැබුවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා බඩෝවිට අසංක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් පොලීසිය සැක පළකරන්නේ කොස්මල්ලි නැමැත්තාගේ පාර්ශ්වය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකුගේ මිත්තණිය සහ සහෝදරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඊයේ (06) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පසුබිමක වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...