චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ගුවන්ගත කළ Long March 5B නැමැති රොකට්ටුව තම පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවට චීනය නිවේදනය කරනවා.
මීටර් 31 ක් දැගැති හා ටොන් 21 ක් බරැති මෙම රොකට්ටුව පෘතුවිය වටා මේ වන විට ගමන් කරමින් තිබෙනවා.
පැයට සැතපුම් 18000 ක පමණ වේගයෙන් ගමන් කරන මෙම රොකට්ටුව එළැඹෙන සති අන්තයේ මැයි 8 ත් 10 ත් අතර දිනයන්හී පෘථිවියට කඩාවැටෙනු ඇතිබවට මේ වන විට අනුමාන කර ඇති බව චීනය පවසනවා.
එම කාලය අතරතුර රොකට්ටුව පෘථිවිය වටා වාර 30 ක් පමණ ගමන් කරනු ඇති බැවින් එය කඩා වැටෙන නිශ්චිත ස්ථානයක් පැවසිය නොහැකි බවයි පැවසෙන්නේ.
රොකට්ටුව කඩාවැටෙන අතරතුර එහි යම් යම් කොටස් පිළිස්සී අළුවී ගියත් එහි බොහෝ කොටස් පිළිස්සීමට ලක් නොවී කඩාවැටෙනු ඇති බවට සැක පලකෙරෙනවා.