27.5 C
Colombo
Wednesday, October 4, 2023

LSD වයිරසය ගැන සොයන්න සත් පුද්ගල කමිටුවක්

- Advertisement -

කොරෝනාවෙන් බැටකමින් සිටියදී දිවයින පුරා ගවයන් අතර පැතිරෙමින් තිබෙන ලම්ප් ස්කින් ඩිසීස් හෙවත් එල්.එස්.ඩී වයිරසය ලංකාවට අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කර තිබේ.

ගවයින්ගේ සිරුරුවල තුවාල සමග උණ හටගැනීමෙන් ව්‍යාප්ත වන මෙමගින් මිනිසාට හානියක් නැතැයි පැවැසුව ද දේශීය කිරි ගොවි කර්මාන්තයට විශාල හානියක් කරනු ඇතැයි දැනට විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

2020 සැප්තැම්බරයේ කයිට්ස්, ඩෙල්ෆ්ට් හා කෝපායි පෙදෙස්වලින් ආරම්භ වූ එල්.එස්.ඩී වයිරසය පසුව මන්නාරම, මාන්තෙයි, කිලිනොච්චි, මුලතිව්, පුත්තලම, අනුරාධපුරය, කුරුණෑගල, රත්නපුර, මඩකළපුව, අම්පාර, බදුල්ල හා මාතලේ කරා ද මේ වනවිට පැතිරී ඇත.

ලංකාවට ආගන්තුක වූ මේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි සත් පුද්ගල කමිටුවක්පශු සම්පත් රාජ්‍ය ඇමැතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ.

රෝගයක් ලේ උරා බොන මැස්සන්ගෙන් වයිරසයකින් පැතිරෙන එල්.එස්.ඩී රෝගය ලංකාවට ආගන්තුක වුවත් ලෝකයට ආගන්තුක එකක් නොවේ.

දකුණු අප්‍රිකාවේ හා මැදපෙරදිග රටවල හටගත් එය 2019 දි ආසියාවට ද පැමිණි අතර ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, භූතානය යන දේශාන්තර පසුකරමින් චීනය, මියන්මාරය හා හොංකොං කරා ද මේ වනවිට ව්‍යාප්ත වී තිබේ.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී එහි වසංගත රෝග අංශයේ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා රෝගය ගැන කරුණු පැහැදිලි කළේ මෙසේය.

“LSD රෝගයේදී සතුන්ගේ සිරුරේ ගෙඩි හටගන්නවා. නාසයෙන් ශ්‍රාවයක් ගලනවා. අධික උණ නිසා කෑම අරුචියත් උදාසීනභාවයත් ඇති වී දුර්වල වෙනවා. ගැහැණු සතුන්ගේ ප්‍රජනන හැකියාව දුර්වල වීමටත් එය බලපානවා. පිරිමි සතුන්ගේ සඵලතාවත් අඩුවෙනවා. එය නිෂ්පාදන ක්‍රියාවලියට බලපානවා. එය සෘජුවම ගොවියාගේ ආර්ථික ක්‍රියාවලියට බලපානවා. ලෝක සත්ව සංවිධානයේ ප්‍රධාන සාම්පල් රසායනාගාරයක් වන එංගලන්තයේ ආයතනයක් මගින් රෝගය හඳුනාගෙන තිබෙනවා ”

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් හෙට්ටිආරච්චි මහතා පැවැසුවේ අවදානම වැලැක්වීමට එන්නතක් ගැන සොයමින් සිටින බවත් එවැන් එන්නතක් සොයාගතහොත් එය රජයේ වියදමින් ගොවීන්ට ලබාදෙන බවත්ය.

කෙසේ වෙතත් ඇතැම් කිරි ගොවීන් පවසන්නේ මෙම වයිරසය නිසා කිරි ගොවීන් රෝගීවීමෙන් තමන් ලැබූ කිරි අස්වැන්න සියයට හැටකින් පමණ අඩු වී ඇති බවයි.

ගවයන් අතර රෝගය පැතිරීයාම අවම කිරීමට මැස්සන් බෝවීම අවම කිරීමටත් රෝගී සතුන් අනෙක් ගවයන්ගෙන් වෙන්කිරීමත් ක්ෂණික පියවරක් හැටියට අනුගමනය කරන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...