33 C
Colombo
Friday, April 19, 2024

දෙල්කඳ දී අතිසුඛෝපභෝගී මෝටර් රථයක් ලොරි රථයක ගැටී ගිනිගෙන අළු වෙයි (වීඩියෝ)

- Advertisement -

අති සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ රාත්‍රියේ දෙල්කඳ හන්දියේදී රුපියල් කෝටි ගණනක දේපළ ගබඩා කර තිබූ තිබු ලොරි රථයක ගැටීමෙන් එම වාහන දෙකම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

සිද්ධියෙන් මෝටර් රථයේ රියැදුරු හා තවත් පුද්ගලයෙකු තුවාල ලබා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවද වාර්තා වෙනවා.

මෙම අනතුර ඊයේ (10) රාත්‍රී 11.30 ට පමණ සිදුව ඇති බවත් කාර් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුව බව පොලීසිය පවසනවා.

සුඛෝපභෝගී කාර් රථ දෙකක් දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් ගමන් ගත් කාර් රථයට වේගය පාලනය කර ගැනීමට නොහැකිව වම්පස තාප්පයක පළමුව ගැටී අනතුරුව මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථයේ පිටුපස කොටසේ ගැටුනු බවත් එම අවස්ථාවේ එක වරම මෝටර් රථය ගිනි ගැනීමට පටන් ගත් බවත් සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසින් පවසා තිබෙනවා.

ලොරි රථය මෙම අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ තොගයක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක් වෙත බාමින් සිටියදී බවත් වාර්තාවෙනවා.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...