28 C
Colombo
Sunday, October 1, 2023

අගමැතිගේ යෝජනාවකින් මාදිවෙල ඉඩමක් පෞද්ගලික සමාගමකට

- Advertisement -

ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37යි, රූඩ් එකයි පර්චස් 20.44ක ඉඩම් කොටසක් colombo bird park පෞද්ගලික සමාගමට ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ඉඩම් කොටස තුළ සැලසුම් කිරීම, මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම යටතේ කුරුලු උද්‍යාන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය වසර 30ක කාලයකින් පසු ව නැවත රජයට භාර දෙන (B.O.T) ව්‍යාපෘතියක් ද යන්න පිළිබඳ ව අද නිකුත් කළ කැබිනට් නිවේදන පත්‍රිකාවේ පැහැදිලි ව සඳහන් ව නැහැ.

මේ අතර කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොර ව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද (22) ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් කැඳවා තිබෙනවා.

එම සාකච්ඡාව අද පෙරවරු 10.30 සිට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...