26 C
Colombo
Friday, December 8, 2023

වසර 30 කට පසු යුක්තිය ඉටු වූ ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ නඩුව

- Advertisement -

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහාධිකරණය විසින් වසර 30 කට පෙර කාන්තාවන් 18 දෙනෙකු දූෂණය කිරීම හා ගෝත්‍රීය ජන කොට්ඨාශයකට හිංසන පමුණුවීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් සිය ගණනක් වරදකරුවන් බවට තීන්දු කර තිබෙනවා.

බී.බී.සී ලෝක සේවය සඳහන් කළේ මෙම වරදකරුවන් අතර පොලිස් නිලධාරීන් සහ වන හා ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ද සිටින බවයි.

1992 වසරේ ජූනී මාසයේදී වීරප්පන් නමැති සඳුන් ජාවාරම්කරුවෙකු හට ආධාර කළ බව පවසමින් මෙම නිලධාරීන් අදාළ ගෝත්‍රික ජනයාට පහර දී තිබෙනවා.

එහිදී මෙම නිලධාරීන් විසින් වචාති නමින් හඳුන්වන එම ගම්මානයේ පිරිමි පුද්ගලයන්ට පහර දී තිබෙන අතර කාන්තාවන් දූෂණයට ලක් කර  තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම අපරාධය වචාති ගමෙහි සිදුවී තිබීම හේතුවෙන් මෙම සිදුවීමට එරෙහිව ගොනු කර ඇති නඩුව වචාති නඩුව නමින් හඳුන්වන බවයි.

වචාති ගම මැද පිහිටා ඇති දැවැන්ත නුග ගහක් මෙම ගම්මානයේ ජනයාට එරෙහිව සිදු වුණු නින්දිත අපරාධයට සාක්ෂියක් ලෙස ඉතිරිව තිබෙනවා.

එම සිදුවීමට මුහුණදුන් පිරිසක්  බී.බී.සී.දමිළ සේවය වෙත පවසා ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් ගම්මානයේ පිරිමි පුද්ගලයන්, කාන්තාවන් හා දරුවන් එම නුග ගහ අසලට රැස් කිරීමෙන් අනතුරුව ඔවුන්ට දරුණු ලෙස පහර දී ඇති බවයි.   

එහිදී අදාළ නිලධාරීන් විසින්, තරුණියක් 18 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්  අනෙක් පිරිසෙන් වෙන් කොට ගම්මානයේ ඇති ගංඟාවක් ආසන්නයට  ‍රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවද ඔවුන් පවසා තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් වන නිලධාරීන් 269 දෙනාම ඔවුන්ට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ නමුත් ඉන්දියාවේ පවතින කුල සහ ගෝත්‍ර පනත යටතේ 2011 වසරේදී ඔවුන් වරදරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

එහිදී අදාළ පිරිසෙන් පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට තීන්දු කර තිබුණා.

මෙම නඩු විභාගය අතරතුර වචාති සිදුවීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් වුණු 269 දෙනාගෙන් 54 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉතිරි 215 දෙනාට වසර 1 සිට 10 දක්වා සිර දඬුවම් නියම කර තිබුණා.

වචාති නඩුවේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක් බී.බී.සී ලෝක සේවය වෙත  පවසා තිබුණේ  අපරාධකරුවන් ලෙස නම් කර ඇති සියලු දෙනා ඔවුන් විසින් කරන ලද අභියචානයකට පසුව  ඇප මත මුදා හැර ඇති බවයි.

එමෙන්ම එම අපරාධකරුවන් අතරින් ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන්වූ පිරිස හැරෙන්නට අනෙක් සියලු දෙනා සිරගතව සිට නොමැති බවද ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.  

කෙසේවෙතත් ඊයේ (29) මදුරාසි මහ අධිකරණය විසින් වචාති සිදුවීමට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් 200කට අධික පිරිසකට දඬුවම් නියම කිරීමට තීරණය කර තිබෙනවා.

එහිදී විනිසුරු වේල්මුරුගන් විසින් වචාති සිදුවීමේ සෑම වින්දිතයෙකුටම මිලියනය බැගින් වන්දි මුදලක් ගෙවන ලෙසත් ඔවුන්ට සුදුසු රැකියාවක් සඳහා ප්‍රවේශ වීමට අවකාශය සලසන ලෙසත් නියෝග කර තිබෙනවා.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ එවකට සිටි ජ්‍යෙෂ්ඨතම දිස්ත්‍රික් නිලධාරියා, වන නිලධාරියා සහ පොලිස් අධිකාරිවරයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම තීන්දුවේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...