27 C
Colombo
Saturday, June 10, 2023

හිතුමනාපෙට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම ගැන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දොස්

- Advertisement -

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ මිනිසුන් රැස්වීම අයුතු ජන රාශියක් වන්නේ කෙසේ දැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) කුරුඳුවත්ත පොලිසියෙන් විමසා සිටියා.

ඒ කොළඹ සොයිසා වටරවුම ආසන්නයේ ප්‍රදේශයේ පැවැත්වු උද්ඝෝෂණයකට අදාළව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

කොළඹ සොයිසා වටරවුම ආසන්න ප්‍රදේශයේ පැවැත්වූ උද්ඝෝෂණයකට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළේ යැයි චෝදනා නගමින් කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ඇතුළු තිදෙනා අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවට ඉදිරිපත් කළා.

එහිදි පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබු නෛතික ක්‍රියාදාමය පිළිබද සිය අප්‍රසාදය පල කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා මංමාවත් පනත යටතේ හෝ මුඛ ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් නිරෝධායන රීතිය යටතේ පැහැදිලිව වෙන වෙනම ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

එසේ නොමැති ඔහේ අත්අඩංගුවට ගෙන අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරීම හරහා සිදුවන්නේ නඩු කටයුතු දීර්ඝ කාලයක් විමර්ශන සඳහා ඉදිරියට පවත්වාගෙන යාමට සිදුවීම බව මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ඉදිරි නඩු දිනයේදි වෙන වෙනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම්දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විශ්ව විද්‍යාල සිසුවා ඇතුළු සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල හා නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.