26.7 C
Colombo
Monday, June 16, 2025

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

- Advertisement -

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත පපක්ෂග්‍රාහී වීම ඇතුළු චෝදනා කිහිපයක් මතයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ අධිකරණ සේවා කොමිෂන් සභාව චෙම්බරයට සීල් තබා මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවිමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට අධිකරණයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙන අතර හෙට (19) දිනයේ පැමිණ සිය පෞද්ගලික දේවල් රැගෙන යාමට පමණක් චානිමා විජේබන්ඩාර මහත්මියට අවසර දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ සංගමයද මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලිකර තිබුණා.

අදාල පැමිණිල්ල මඟින් කියවුණේ මහේස්ත්‍රාත්වරිය ඇතැම් නීතිඥවරුන් සම්බන්ධයෙන් පක්ෂත්‍රාහීව කටයුතු කරන බවයි.

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට එරෙහි මැණික් මල්ලේ නඩුව මුල්වර දී විභාගයට ගැනුනේ ද කඩුවෙල අධිකරණයේ චානිමා විජේබණ්ඩාර මහත්මිය ඉදිරියේයි.

එමෙන්ම ඇය ඉදිරියේ යෝෂිත රාජපක්ෂට එරෙහි CSN නාලිකාව පිළිබඳ නඩුවද විභාග වනවා.

තවද පාර්ලිමේන්තු ගෘහ සේවා අංශයේ කාන්තාවන්ට සිදු වූ අතවර නඩුව විභාග වන්නේ ද ඇය ඉදිරියේයි.

RECENT ARTICLES - SINHALA

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

POPULAR ARTICLES