32 C
Colombo
Thursday, March 28, 2024

කුඩු සලිඳු සහ හරක් කටා බලන්න මහේස්ත්‍රාත් CID යයි

- Advertisement -

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සළිඳු’ යන දෙදෙනාව නිරීක්ෂණය කිරීම සදහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඊයේ (15) මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නියෝග මත දින 90ක කාලයත් තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ පසුගිය පළමුවැනිදායි.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

ෂොපින් බෑග්වල බඩු ගන්න අය මේකත් දැනගන්න

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා...

එන්නතකින් පසු පාසල් සිසුන් 10 ක් රෝහලේ

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර තිබෙනවා. කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...