මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව දෙසැම්බර් 09 වන දින අධීකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
අදාල කමිටුවේ සම්පූර්ණ වාර්තාව මාසයක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු පැවසීීීය.
මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වැනිදා හටගත් කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 106 දෙනෙක්ට තුවාල සිදුවිය.
මේ අතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 165දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව ද සඳහන් වේ.