27.5 C
Colombo
Wednesday, October 4, 2023

මහර ගැටුම ගැන විමල්,ජයන්තගෙන් ප්‍රකාශ ගන්නයැයි නියෝගයක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකර තිබීම හේතුවෙන් අමාත්‍ය විමල් විරවංස සහ අමාත්‍ය ජයන්ත සමරවීර යන අයගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස වත්තල මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඒ මහර ඝාතන සම්බන්ධ නඩුව දෙසැම්බර් (30) දින අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ අගතියට පත් පාර්ශවයේ නීතීඥයින් අධිකරණයෙන් සිදු කල ඉල්ලීමකටය.

රැඳවියන් පෙත් වර්ගයක් පානය කිරීම හේතුවෙන් මෙලෙස හැසිරී තිබුණු බවත් ඔවුන් පානය කර තිබුනේ රිවස් නැමති පෙත්තක් බවත් විමල් වීරවංස අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව අදාල පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන 2021 ජනවාරි 08 වනදා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

එම ගැටුමින් මිය ගිය තවත් රැඳවියන් සිව් දෙනකුගේ සිරුරු ආදාහනය කරන ලෙසත් වත්තල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අදාල ගැටුමින් සිරකරුවන් 11 දෙනෙක් මරණයට පත්වූ අතර ඉන් 8 දෙනෙකුම මරණයට පත්වී ඇත්තේ වෙඩි වැදීම නිසා බව මරණ පරීක්ෂණයේදී තහවුරු විය.

අදාල නඩුවේ අගතියට පත් වූ පාර්ශවය වෙනුවෙන් නීතීඥ සේනක පෙරේරා, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ අචලා සෙනවිතරත්න ඇතුළු නීතිඥවරුන් 08 දෙනෙකුට පෙනී සෙටිමට හැකිවායක් ඇති බවත් එහිදී නියෝගයක් ලබා දී ඇත.

RECENT ARTICLES - SINHALA

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...