32 C
Colombo
Friday, March 29, 2024

මහර බන්ධනාගාරයේ සිද්ධිය කොරෝනා නිසා නෙවෙයි පෙත්තක් නිසා ඇති වෙලා තියෙන්නේ – විමල්වීරවංශ

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ උද්ගත වූ සිදුවීම කොරෝනා රෝගීන් වැඩිවීම නිසා ඇතිවූ තදබදය හේතුවෙන් නිර්මාණය වූවක් නොවන බවත්, ජනාධිපතිවරයාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීම සඳහා සංවිධානාත්මකව ඇති කළ කුමන්ත්‍රණයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

විරවංශ මහතා මේ ආකාරයෙන් අදහස් දැක්වුයේ නොවැම්බර් 30 වන දින පාර්ලිමේන්තුවේදීය.

හිරගෙදර ඇතිවුණු තත්වය මම පෞද්ගලිකව කරුණු සොයා බැලීමක් කළ නිසයි මම මේ නැඟී සිටියේ. මම කියන්න ඕනෙ මේක මේ ඇතිවී තිබෙන තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි. බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිරගෙදර සමයං කියලා හිටපු පසුගිය කාලෙ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලයෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්, ඒකට කියනවා රිවස් කියලාත්. ඒ පෙත්ත ගෙනල්ලා දවස් දෙකකදි හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා. 

ඒ පෙත්ත ගැහුවාම, කෙනෙකුගේ ලේ දකින්න ඕනා. මේ ගොල්ලො මේ අත්හදා බැලීම කරලා මේ ගොල්ලො ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදාහැරලා මිනීමරණ තත්වයක් ඇති කරගන්න. මේක ඇත්තටම මෙහෙයවූයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නමුත් මේ වෙනකොට ඒක කරගන්න බැරුව ඉන්න බලවත් හිරකාරයො කණ්ඩායමක් තමයි මේ චතුරංග කියන කෙනාව මෙහයවූයේ ‘ වීරවංශ මහතා එසේ පැවසීය.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...