28.2 C
Colombo
Saturday, April 20, 2024

ඉන්දියාවේ ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගන්නා ලෙස එර⁣ට ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

දැනට ඉන්දීය පුහුණුකරු ධුරය දරන රවී ශාස්ත්‍රිගේ කොන්ත්‍රාත් කාලය එළඹෙන T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වීමට නියමිතයි.

ඒ අනුව කණ්ඩායමේ නව පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය පමණක් භාර ගැනීමට කැමැත්තෙන් සි⁣ටින බව පවසමින් මහේල ජයවර්ධන ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

මහේල ජයවර්ධන මේ වන විට IPL තරගාවලියට එක්ව සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර තරඟාවලි ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සිටි සාර්ථකම පුහුණුකරුවා ලෙස ඔහු සැලකෙනවා.

2017 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගන්නා මහේල ජයවර්ධන ඉන්පසු පැවැති තරඟාවලි තරගාවලි තුනකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරයින් දක්වා රැගෙන ආවා.

මහේල ජයවර්ධන එළෙඹන 19න් පහළ ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා. කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කරනවා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...