26 C
Colombo
Wednesday, October 4, 2023

රංගනගේ නත්තල් පාටියට ගිය නිසා මහේෂිට හිරු TV තහනම්..! (වීඩියෝ)

- Advertisement -

හිරු මාධ්‍ය නාලිකාවේ සහ ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවේ නිවේදකයෙකු හා වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කළ රංගන ද සිල්වාගේ සාදයකට සහභාගී වන නිසා හිරු මාධ්‍ය නාලිකාව විසින් තමාට තහනමක් පැනවූ බව ජනප්‍රිය රංගන ශිල්පිණී මහේෂි මධුශංකා පවසනවා.

රංගන ද සිල්වාගේ යූටියුබ් චැනලය වෙනුවෙන් සංවිධානය කළ නත්තල් සාදයට සහභාගී වන්නේ නම් තමාට හිරු මාධ්‍ය නාලිකාව තහනම් වන බව දැනුම් දුන් බවයි ඇය පවසන්නේ.

රංගන ද සිල්වා අවසන් වරට ඉවත් වූයේ ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවෙන් වන බැවින් ස්වර්ණවාහිනිය තමාට එවැන්නක් පැවසුවා නම් තේරුම්ගත හැකි නමුත් හිරු මාධ්‍ය ආයතනය මෙලෙස හැසිරීම පිළිබඳව තමාට නොවැහෙටෙන බවයි මහේෂි මධුශංකා පවසන්නේ.

තමාට ජනප්‍රිය වීමට හිරු මාධ්‍ය නාලිකාව උපකාරී වීම සම්බන්ධව තමන්ගේ සිතේ ගෞරවයක් පැවතියත් මෙලෙස කලාකරුවන්ව පාලනය කිරීමට උත්සහ ගැනීම තමා හෙළා දකින බවත් ඇය පවසනවා. තමන්ට ශක්තිමත් ස්වාමිපුරුෂයෙකු සිටින නිසා මෙහි බලපෑමක් නැතත් තනිව ජීවත් වන කලාකාරිනියකට මෙවැන්නක් සිදුවූයේ නම් විශාල බලපෑමක් සිදුවනු ඇති බවත් ඇය පවසනවා.

RECENT ARTICLES - SINHALA

සිරිපාලගේ සාකච්ඡාවෙන් පසුවත් ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදයි

0
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක්ම ප්‍රමාද වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් හේතු සෙවීම සඳහා පසුගියදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

විජේදාසගේ පුතාව දාපු ක්‍රිකට් කමිටුවට එරෙහි උසාවි නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10...

ආනයන සීමා ඉවත් කිරීම ගැන තීරණයක්

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...