30 C
Colombo
Wednesday, June 25, 2025

මහින්ද රට සංවර්ධනය කළේ තුනෙන් දෙක නැතුව

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සරළ බහුතරය හිමිවිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ රටක් හැදීමට තුනෙන් දෙකක බලය කිසිවෙකුට හෝ හිමිවිය යුතු නැති බවයි.

කිසිවකුට රට සෑදිමට නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව පැවසු ගම්මන්පිල මහතා මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදය පරාජය කරනු ලැබුවේ තුනෙන් දෙකක බලය නොමැති බව වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

”මම කියන්නේ මාලිමාවට සරළ බහුතරය ලැබිය යුතුයි.අපි දැක්කා ලංකා ඉතිහාසයේ විනාශයන් සිදුවුණේ තුනෙන් දෙකක බලයක් තිබුණ ආණ්ඩුවලට. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණා 1970. ප්‍රතිඵලය ආසන 08ට වැටිලා අවුරුදු 17ක් විපක්ෂයේ හිටියා. දෙවනුව ජේ.ආර්.ජයවර්ධන මහත්තයට තුනෙන් දෙකක බලයක් ලැබුණා ප්‍රතිඵලය ඒ ආණ්ඩුව පරාජයට පත්වූ දවසේ සිට අද දක්වා ජනතා වරමින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් පත්කර ගන්න බැරි වෙලා තිබෙනවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයට තුනෙන් දෙකක් ලැබුණා. ප්‍රතිඵලය ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධනයක් කරපු කොටි ත්‍රස්තවාදය පරාජය කරපු ජනාධිපතිතුමාට තමන්ගේම ලේකම්ට පැරදිලා ගෙදර යන්න වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තුනෙන් දෙකක බලයක් ලැබුණා. ප්‍රතිඵලය ජනතාව විසින් පලවා හරින තැනට තල්ලු වුණා. ඒ නිසා තුනෙන් දෙකක බලයක් කියන්නේ ආලෝකය පතුරන ආලෝකය විසින් බලය තියෙන කෙනා දවා අළු කරන ගිනිගුලියක්. කිසිවෙකුට හෝ රට හදන්න නම් තුනෙන් දෙකක බලයක් හිමි නොවිය යුතුයි. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ යෝධ සංවර්ධනයක් කළේ කොටි ත්‍රස්තවාදය පරාජය කළේ තුනෙන් දෙකක තියා දෙකෙන් එකක්වත් පාර්ලිමේන්තුවේ නැතුව.”

RECENT ARTICLES - SINHALA

පියාට පොලීසියෙන් පහර දෙද්දී වීඩියෝ කළ පුතාට ගහලා

තිහංගඩ ප්‍රදේශයේදී ඊයේ (24) පෙරවරුවේ 18 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා. අදාළ තරුණයාගේ නිවසට සිවිල් ඇඳුමින් සිටි පොලීස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ...

තුන්වන ලෝක යුද්ධයක් වෙන්න දෙන්න එපා! විමල්ගෙන් UN එකට ලියුමක්

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් සිදු කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු...

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

POPULAR ARTICLES