26 C
Colombo
Wednesday, February 19, 2025

මහින්ද යළිත් අගමැති කරන සැලැස්මක්

- Advertisement -

වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුරේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මිත්‍රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවයි එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙලක් යනවා කියලා.. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.

දිනේෂ් ගුණවර්ධන මහතාව අයින් කරලා මහින්ද රාජපක්ෂ මහතාව නැවත වතාවක් අගමැති ධුරයට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා කියලා.

අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි කරන්න ඕනේ. අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.

මේ උත්සාහයට අපි සහාය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් විවේක සුවයෙන් ගෙදර ඉන්න ඕනේ. එතුමා රට වෙනුවෙන් කරපු යමක් තිබේ නම් ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඒක හේතුවක් වෙයි.”

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES