27 C
Colombo
Friday, April 19, 2024

මහින්ද දුටුගැමුණු – බැසිල් කාවන්තිස්ස වගේ

- Advertisement -

හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දුටුගැමුණු රජතුමා මෙන් යුද්ධය මෙහෙයවන විට බැසිල් රාජපක්ෂ මහතා කාවන්තිස්ස සේ රටේ ආර්ථිකය කළමනාකරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන්නෙ අති දක්ෂයෙක්. දුටුගැමුණු රජතුමා යුද්ධෙ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා ධාන්‍ය එකතු කළා වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයේ වැඩපිළිවෙලත් රටත් කරනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත් හොඳ ආර්ථික කළමනාකරණයක් කළා” ‍යැයි ඇය පවසයි.

කෙසේනමුත් මීට අදාල වන්නේ දුටුගැමුණු සොයුරු සද්ධාතිස්ස වන බැවින් සහ දුටුගැමුණු රජු යුද්ධය අරඹන විට ඔහුගේ පියා වූ කාවන්තිස්ස රජු ජීවතුන් අතර නොසිටි බැවින් මන්ත්‍රීවරියට ඉතිහාස කතාව මඳක් පැටලී ඇති බව ඇතමුන්ගේ මතයයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...