24 C
Colombo
Monday, December 11, 2023

මහින්ද දැනට අගමැති – රනිල්

- Advertisement -

අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා තමන්ට මෙතෙක් කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ අගමැති බවට දැනට පාර්ලාමේන්තුවේ බහුතරය තීරණය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ, ඊයේ (28) දින රූපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින්.

රනිල් වික්‍රමසිංහ මහතා –

“මම අගමැතිකම ඉල්ලලාත් නෑ. මම කියන්නේ ජාතික එකඟතාවයක් ඇති කරන්න. විපක්ෂයේ ඉන්න අය විපක්ෂයේ ඉන්න, ආණ්ඩු පක්ෂයේ ඉන්න අය ආණ්ඩු පක්ෂයේ. එච්චරයි තියෙන්නේ ඔතන. අපි කරපු මේ දේශපාලන ක්‍රමවේදයේ අඩුපාඩුකම් තියෙනවා කියලා පිළිගන්න බැරිනම්. අපිට එහෙනම් මේ රටේ වගකීම්වලට ඇතුළු වෙන්න බෑ. ඔය පදේ තමයි මට හැමදාම ඇහෙන්නේ. මෙයා ගියා. අර පැත්තට ගියා ඩීල් දැම්මා. අර ඩීල් දැම්මා මේවා දැම්මා. මේ ප්‍රශ්න විසඳෙනවා ද?”

ප්‍රශ්නය –

“අග්‍රාමාත්‍ය ධූරයට ආරාධනා කළොත් ඔබතුමා භාර ගන්නවාද?”

රනිල් වික්‍රමසිංහ මහතා –

“ව්‍යවස්ථාව අනුව අගමැති වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වැඩිම සහාය තිබෙන පුද්ගලයාට. මට තියෙන්නනේ එක ඡන්දයයි. ඒ මගේ ඡන්දේ විතරයි. මම තනතුරුවලට අවේ නෑ. මම කියන්නේ දැනට පාර්ලාමේන්තුවේ බහුතරයේ අය තීරණය කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න. ඕකටයි මං දවස් 52 සටන් කළේ . මං උසාවියට ගියේ ඒ තීරණය අනුව තමයි අපි ඉන්න ඕනේ.”

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...