මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳ සලකා බලා අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට ඉඩ ඇති නමුත් කෙටි කලක් සඳහා පත්වන අගමැතිවරයා කවුරුන්ද යන්න තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීම හැර වෙනත් නමක් යෝජනා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
ඒ, ඊයේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු සමඟ පැවති සාකච්ජාවේදීයි.
පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනතාව අතරට ගෙන ගිය සම්මුතිය වූයේ අගමැති ධූරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීම වන හෙයින් එම ජනවරමට පරිබාහිරව වෙනත් නමක් යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නැති බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් පවසා ඇත්තේ.
එදා ජන වරම එලෙස වුවත් මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටම ජනතා විරෝධය එල්ල වී ඇති පසුබිමක දේශපාලන ස්ථාවරත්වය ඇතිකරගැනීමේ පියවරක් ලෙස විවෘත තීන්දුවක් ගැනීමට රජයට සිදුවනු ඇති බවයි මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අදහස් වී ඇත්තේ.