24 C
Colombo
Thursday, February 13, 2025

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

- Advertisement -

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව එම ක්‍රීඩා සංකීරණය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් කිසිදු ආයෝජකයෙකු මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට මුදල් ආයෝජන නොකරන බැවින් එම නම ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් ඒ පිළිබදව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව පැවසු සුනිල් කුමාර මහතා කර තිබෙන වැඩ නම් මහින්ද රාජපක්ෂ නමට ගැලපුනද ඒ වැඩ රටට හෝ ජාත්‍යන්තරයට නොගැලපෙන බව පැවසුවා.

මෙයට වසර ගණනාවකට පෙර ක්‍රීඩා සංකීරණයට ගෙනැවිත් දමා තිබූ බහාලුමක තිබී මිලියන ගණනක් වටිනා ජෙනරේටරයක් හමු වූ බවත් මෙම ක්‍රීඩා සංකීර්ණයෙහි ඊට අයත් භාණ්ඩ පිළිබදව දත්ත ඇතුලත් ඉන්වෙන්ට්‍රියක් නොැමැති බවද සඳහන් කළා.

මේ සඳහා යෙදූ මුදල් පිලිබදව තොරතුරක් නොමැති බවත් ඒ පිලිබදව ද පරීක්ෂණයක් ආරම්භ කල බව ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

POPULAR ARTICLES