තමා තව දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර සිටියා.
ඒ, ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහායි
ඔහු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සුදුසුකම් ලබා ඇත්තේ කළුතර දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාර මහතායි.