මහින්ද-ශිරන්ති තිරුපති යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(23) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. දෙදින සංචාරයක් සඳහා පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තිරුපති ගුවන්තොටුපොළට ළඟාවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ . මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ නිරත වීමට නියමිතව ඇතැයි එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සහභාගී වී සිටියි.