25 C
Colombo
Wednesday, February 19, 2025

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව ආයෙත් කල් ගිහින්

- Advertisement -

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදුන් බවට චෝදනා එල්ලවී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු අමල් රණරාජා මහතා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබාගොස් ඇති බැවින් එම පුරපාඩුවට වෙනත් විනිසුරුවරයකු පත් කරන තුරු නඩුව ලබන 04 වනදා දක්වා එම නඩුව කල්තබන ලෙස නියෝග කර තිබුණා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 53කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ජාතික ජන බලවේගය අද කොමිසමට

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙනවා. පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව...

හරක් කටාට CIDයෙන් පැනයාමට සහාය වු කොස්තාපල් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් 'හරක් කටා'ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට...

POPULAR ARTICLES

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතයි. ඒ ශ්‍රී...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ශූරයින්ගේ සටන අද

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) ආරම්භ වනවා ඒ, පකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන්. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටයි. මෙවර තරගාවලිය...