33 C
Colombo
Friday, March 29, 2024

නිරෝධායන නීති නොතකමින් මහින්දානන්ද නාවලපිටියේ ජය සමරයි (වීඩියෝ)

- Advertisement -

සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ බලය අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමන් සතුකර ගැනීමට සමත් වුණා.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජීව මහතාව සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරීමෙන් පසුව මෙම තත්වය ඇතිවී තිබෙනවා.

නාවලපිටිය නගර සභාව සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 07ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙක්, ස්වාධින එක් මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වනවා.

සභාපතිවරයා ඉවත්කළ පසුව එම සභාවට සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද (15) මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.

අද දින සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලක පක්ෂයට සහයෝගය දැක්වු ස්වාධින කණ්ඩායම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමල් ප්‍රියංකර මහතා 5ට7ක් වශයෙන් වැඩි ඡන්දයෙන් සභාපතිවරයා වශයෙන් තේරීපත්වුණා.

නාවලපිටිය නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයාට සුභපැතීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද නගර සභාව වෙත පැමිණ සිටි අතර පසුව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් නාවලපිටියේ ජයග්‍රහණය සමරමින් කිසිදු නිරෝධායන නීතියක් නොතකා මාර්ගය පුරා ගමන්කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...