හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලමින්.
2021 වසරේදී චීන සමාගමකට ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් සඳහා සිදු කළ ගෙවීමක් සම්බන්ධයෙන් වන චෝදනාවකට ඔහුව මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවයි එම ඉල්ලීමේ සඳහන්ව අත්තේ.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් තිබෙනවා.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් කිරීම හරහි දූෂණය නමැති වරද සිදු කළ බවට සැකපිට පසුගියදා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
එහිදී, අල්ලස් කොමිසම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ 2021 වසරේ චීන සමාගමකින් ආනයනය කරන ලද ප්‍රමිතියට අනුකූල නොවන පොහොර නැවක් වෙනුවෙන් අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දෙමින් ඊට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යයි චෝදනා කොට දූෂණය නැමැති වරද මෙම සැකකරු විසින් සිදු කර ඇති බවයි.