30 C
Colombo
Friday, July 19, 2024

මුජිබුර්ට පාර්ලිමේන්තු එන්න දීපු එකට මහින්දානන්දට තරහ ගිහින්

- Advertisement -

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට මැතිවරණ කොමිසම අවසර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (10) මැතිවරණ කොමිසම විවේචනයට ලක්කර තිබුණා.

අලුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමට දෝෂාරෝපණය කළේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන අපේක්ෂකයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේ කෙසේදැයි ප්‍රශ්න කරමින්.

“ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණ නිලධාරීන් පත්කිරීම ගැන මැතිවරණ කොමිසම කතා කරනවා. පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත් කිරීම පිළිබඳ ඔවුන් ප්‍රශ්න කළා. පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියද පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම සම්බන්ධයෙන් කොමිසම නිහඬයි. රහුමාන් මන්ත්‍රීවරයා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රවර්ධක කටයුතුවල නියැළී සිටිනවා.”

තමන් නීත්‍යනුකූලව පාර්ලිමේන්තුවට පත් කර සිටින බවත් අවුරුදු එකහමාරක් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පවත්වනකම් තමා බලා සිටි බවත් ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන් මහතා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ  ඔහිය දුම්රිය ස්ථාන...

සභාපති වෙන්න නිමල් සිරිපාලට අයිතියක් නෑ – තිලංග සුමතිපාල

අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස්...

පොළොන්නරුවට ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය ඊයේ (18) පැවැත්වුණා. ඒ, සංචාරක,...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...