32 C
Colombo
Tuesday, February 18, 2025

මහින්දගේ නිල නිවස ගැන පොහොට්ටුවෙන් තීරණයක් අරන්

- Advertisement -

රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ, මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, අදාළ නිල නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය නම් නිල දැනුම්දීමක් සිදුකළ යුතු බවයි.

එසේ දැනුම්දීමක් සිදුකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා සුළු මොහොතක් හෝ එහි රැඳී නොසිටින බවත් තැන තැන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොමැති බවයි කාරියවසම් මහතා පවසන්නේ.

නිල නිවාසය භාරදීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජනය සම්බන්ධයෙන් වූ වගකීම රජයක් ලෙස පවතින ආණ්ඩුව භාරගත යුතු බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා :

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ නිල නිවස භාර දුන්නේ නිල වශයෙන්, එතුමා එය භාර ගත්තෙත් නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවසක් ඔබතුමන්ලාට අවශ්‍ය නම්, නිල වශයෙන් දැනුම්දීමක් කරන්න එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නනේ නැහැ. එතුමා වාහම ඉවත් වෙලා යනවා. නමුත් ඔබතුමන්ලා හදන්නේ ළිඳ ළඟ සංගමය වගේ තැන් තැන්වල කියව, කියවා එතුමාව ලැජ්ජාවට පත්කරලා මහින්ද රාජපක්ෂ මහතා එතනින් එළියට බස්සන්න නම් ඒ වැරැද්ද ඔබතුමන්ලාට කරන්න දෙන්නේ නැහැ.”

RECENT ARTICLES - SINHALA

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

POPULAR ARTICLES