25 C
Colombo
Saturday, February 15, 2025

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46ක් වන බවයි.

එය නිවසෙහි වටිනාකම පමණක් වන බව පැවසු අනුර මහතා ඉඩම තවමත් තක්සේරු කර නොමැති බව සඳහන් කළා.

පනතෙහි පවතින ආකාරයට හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් හෝ වැටුපෙන් තුනෙන් එකක් හිමි විය යුතු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට වැටුපෙන් තුනෙන් එකක මුදලක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර සිටියා.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර මින් තවදුරටත් පවසා සිටියේ,

“මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරන්න යැව්වා. කීයක් වටිනවාද, තවම ඉඩම තක්සේරු කරලා නැහැ. ගේ විතරක් තක්සේරු කළා, ඒ තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46යි. තවම ඉඩම කළේ නැහැ, බෞද්ධාලෝක මාවතේ ගේ අපි ගන්නවා, පඩියෙන් තුනෙන් එකක් දෙනවා. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා ඒ ගෙයි ඉන්න පුළුවන් . කුලිය දුන්නේ නැත්නම් එළියට….. මේ රට හදන්න ඕනේ. රටේ ජනතාව රවටලා ඔවුන් මහජනයාගේ ධනයෙන් විරාජමානව වැජඹෙනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගෙන එනවා. පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන විවාදයක් තියෙනවා. තව සතියක් දෙකකින් වෙන වැඩේ මං කියන්නම්. කෑම එක ගන්නවා නම් හරි ගාන ගෙවන්න ඕනේ, ඒක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ නැහැ .”

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...