24 C
Colombo
Sunday, January 19, 2025

මහින්දගේ ආරක්ෂාවට 30ක් හිටියම ඇති – ෆොන්සේකා

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිස්දෙනෙකුගේ ආරක්ෂාව හොඳටම ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කැලණිය නුංගම්ගොඩ පිහිටි එතුමාගේ පක්ෂ කාර්යාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වත්මන් රජය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

එහිදී සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට තිස් වසරක යුද සමයේදීවත් මරණ තර්ජනයක් නොතිබූ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

“2005 වසරේ පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණේ ප්‍රභාකරන් මහත්තයා හම්බවෙලා මේ රටට සාමය ගේන්න සාම සාකච්ඡා කරනවා. යුද්ධය මම අනුමත කරන්නෙ නෑ. යුද්ධයෙන් පිළිතුරු සොයන්න බෑ කියලයි මහින්ද චින්තනයේ තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ කියන්නෙ එල්.ටී.ටී.ඊ. හිතවාදී නායකයෙක් මිස ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වුණු නායකයෙකු නොවෙයි.

යුද්දෙ ඉවර වෙන්න මාස තුනක් තියෙද්දී 2009.01.31 ඉඳලා පෙබරවාරි පළමු වන දා වෙනකන් සටන් විරාමයක් දුන්නා. අපි එපා ම කිව්වා. අවසානය පෙනි පෙනී ජයග්‍රහණය ඇස් ඉදිරියේ තියාගෙනයි මහින්ද සටන් විරාමයක් දුන්නෙ. ඒ සටන් විරාමය නුදුන්නා නම් ඊට දවස් තුනකට පස්සෙ අපි යුද්දෙ ඉවර කරනවා.

සටන් විරාමෙදී අපේ හමුදාව බැරැක්කවල ඉද්දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අපේ හමුදාවට ගැහුවා. හමුදාවට සිද්ධ වුණා කිලෝමීටර් තුනක් ආපස්සට එන්න. මහින්දගෙ රජයෙන් එදා අනුමත නොකළ යුතුව තිබුණු මේ සටන් විරාමය දුන්නෙ ප්‍රභාකරන් ඇතුළු නායකයන්ට පැනලා යන්න තමයි.

ප්‍රභූවරයෙක් වුණාට එයාට වැඩි ම වුණොත් පොලිස් නිලධාරීන් තිහකගේ ආරක්ෂාව ප්‍රමාණවත් බව මගේ හැඟීමයි. කවදාවත් එල්.ටී.ටී.ඊ.ය ඩ්‍රෝන තාක්ෂණය තියා වෙන කිසිම විධියකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නෙ නම් නැහැ.”

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES