27 C
Colombo
Saturday, May 24, 2025

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

- Advertisement -

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කැඳවා තිබු අතර එයින් පිටව යන අවස්ථාවේ මාධ්‍යවෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ,

සති තුනකට පමණ පෙරත් අද පැමිණිකාරණයටම මම පැමිණියා.CID එකට පැමිණිල්ලක් ලැබිලා තියනවා ජනාධිපති අරමුදලෙන් සල්ලි දීමේ දී මහජන නියෝජිතයින්ට,මහජන නියෝජිතයින් මුදල් ලබා ගැනිමේදී නොයෙකුත් වැරදි තොරතුරු සපයලා තියනවා කියලා.වැරදි තොරතුරු සැපයු අයට වෙනම ලිපි ගොනු තියනවා..එහෙම වැරදි තොරතුරු දුන් අය සම්බන්ධයෙන් විස්තර මගෙන් ලබා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ප්‍රකාශ කළා මගෙන් විතරක් නෙමෙයි මීට පෙර හිටපු සියලුම ජනාධිපතිවරුන් ද යම් අක්‍රමිකතා වෙලා තියනවා කියල පේනවනම් ඒ හැම ජනාධිපති කෙනෙක්ව ගෙනල්ලා පැහැදිලි කිරිමක් කරනවා කියලා..අක්‍රමිකතාවයක් වෙලා තියනව නම් ඒ හොයන එක හොදයි…අක්‍රමිකතාවයක් වෙලා තියනවනම් වෙලා තියෙන්නේ මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින්.එහෙම නැතුව ජනාධිපති වශයෙන්වත් ජනාධිපති කාර්යාලයෙන්වත් නෙමෙයි….

මෙහිදී මාධ්‍යවේදියකු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමසිමට සුදානම් වු අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා යන් යන් නැ නැ… ලෙස පවසමින් එම ස්ථානයෙන් ඉවත්ව ගියා.

හිටපු ජනපතිවරයා මෙලෙස පිටත්ව ගියේ පැමිණ පැය හතකට පසුවයි.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES