30 C
Colombo
Sunday, December 3, 2023

මේජර් ජෙනරාල් දයා රත්නායක වරායෙන් ඉවතට

- Advertisement -

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක ඉවත් කර තිබේ.

ඒ වෙනුවට නිහාල් කැප්පෙටිපොළ පත්කර ඇත.

නිහාල් කැප්පෙටිපොළ යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පැවති 2013 -2014 කාලයේ වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ පුද්ගලයා ය.

ඔහු මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සමීප හිතවතෙකු ලෙස ද ප්‍රකට ය.

විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන දයා රත්නායක ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස ප්‍රසිද්ධය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරා වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන සහ දයා රත්නායක අතර ගැටුමක් තිබූ බවත්, අවස්ථා ගණනාවකදී මේ ගැටුම් විසඳීමට ජනාධිපතිවරයාද මැදිහත් වී ඇති බවත් වරාය වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

සභාපති ධුරය අහිමි වීම සම්බන්ධයෙන් විමසීමට දයා රත්නායක සම්බන්ධ කර ගැනීමට අප අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහුගේ ජංගම දුරකතනය දිගටම ක්‍රියා විරහිත කර තිබිණි.


RECENT ARTICLES - SINHALA

පාසලක හිමිනමක් දරුවෙකුට රෝහල්ගත වෙන්න ගහලා

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා. දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි. දඬුවම් කිරීම...

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...