30 C
Colombo
Thursday, January 16, 2025

පාකිස්තානයේ විරෝධතා නිසා ප්‍රධාන මාර්ග අවහිර වෙලා

- Advertisement -

පාකිස්තානයේ පවතින රජයට එරෙහිව ක්‍රියාත්මක වන විරෝධතා රට පුරා අධික වීම හේතුවෙන් මේ වනවිට (17) සම්පූර්ණයෙන්ම නගරයට ඇතුල් වන ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග අවහිර වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නගරබද පොලිසිය විසින් වාහන වෙනත් අතුරු මාර්ගවල හරවා යැවුනු නමුත් එම මාර්ග අවහිරතාවලට විසඳුම් නොලැබුණු බවයි.

ඊයේ සහ පෙරේදා දිනයන්හි දී සති අන්තය තුළ පාකිස්තානයේ විරෝධතා තීව්‍ර මට්ටමක පැවතුණා.

දැඩි රථවාහන තදබදයක සිර වී සිටි රියදුරන් පවසා ඇත්තේ මහජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමට කිසිදු වගකිවයුතු පාලකයෙකු හෝ බලධාරියෙකු උද්ඝෝෂණ මධ්‍යයට හෝ නොපැමිණි බවයි.

ජාතික අධිවේගී මාර්ගයේ ටවුන්ෂිප් චෝක් අසල දැවැන්ත විරෝධතාවක් ඇති වූ අතර, ඒ හේතුවෙන් පැය ගණනාවක් ගමනාගමනය නතර වී තිබුණා.

අධිවේගී මාර්ගය මත ඉහළ කොටසේ සිට පහළ තෙක් දැඩි රථ වාහන පෝලිමක් දැකිය හැකි අයුරුයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම විරෝධතාව පැවැත්වීමට ප්‍රධානතම හේතුව වී තිබුණේ, මීට දින කිහිපයකට පෙර ( 11) බසාර් ප්‍රදේශයේ ඇති වූ ගැටුමක දී පුරවැසියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහි ව පොලිසිය ක්‍රියා නොකිරීම හේතුවෙන් බවත් වාර්තා වනවා.

එමෙන්ම ජල හිඟය, නිරතුරුව නගරයේ විදුලි කප්පාදුව හා ආර්ථික පරිහානිය මෙම උද්ඝෝෂණවලට හේතු වනවා.

RECENT ARTICLES - SINHALA

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

Breaking: දුමින්දව ආයෙත් හිර‍ කූඩුවට

මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි 10 වෙනිදා දුමින්ද සිල්වා, වැලිකඩ බන්ධනාගාර...

POPULAR ARTICLES

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...

පොඩි ලැසී අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින් වෙන පොඩි ලැසී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ මුම්බායි හිදී යි. ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව...