27 C
Colombo
Saturday, October 12, 2024

ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් කරනවා- නාමල්

- Advertisement -

ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තවදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොවියා ආරක්ෂා කරමින් සාධාරණ ස්ථාවර මිලක් ලබා දිමට කටයුතු කරන බවයි

අඟලවත්ත ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

“අපි හදන ආණ්ඩුවකින් දේශීය ගොවියා ආරක්ෂා කරනවා වගේම, දළු ටික, ගොවියාගේ ගම්මිරිස් ටික, කිරි ටිකට සාධාරණ ස්ථාවර මිලක් ලබා දෙන්න අපි පැහැදිලිව කටයුතු කරන බව ඔබ තමුන්වහන්සේලාට මතක් කරනවා. අපි විශ්වාස කරනවා කුඩා තේ වතුහිමියන්ටත් පොහොර සහනාධාරය ලබා දෙන්න. අපි සැලැස්මක් හා වැඩපිළිවෙලක් එක්ක වැඩ කරන්නේ. අපි බලවේගයක්. පක්ෂයක්. ප්‍රතිපක්තිගරුක දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපිට සැලැස්මක් හා වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම මං වගකීමකින් කියනවා මගේ ආදරණීය අම්මේ, තාත්තේ ඊළඟ අවුරුදු 10 ඇතුළත ආසියාවේ සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පරිවර්ථනය කිරීමේ වගකීමත් අපි ඉෂ්ට කරන බව ඔබතමුන්වහන්සේලාට ප්‍රකාශ කරනවා. අසීරු කාලයක, අභියෝගාත්මක කාල සීමාවක ප්‍රතිපක්තිගරුක දේශපාලනයකට කණ්ඩායමක් එක්ක මේ රට ගොඩනගන්න අවශ්‍ය දේශපාලන බලවේගය නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට මං ආරාධනා කරනවා 21 වෙනිදට පොහොට්ටුව ඉස්සරහ කතිරේ ගහලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහී මාවතට යොමු කරන්න.”

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටුණු දරුවෙක් සහ තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබෙනවා. අද (12) සවස කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව තිබුණා. එහිදි  මෙම පුද්ගලයින්...

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...