29.7 C
Colombo
Wednesday, April 24, 2024

ලෝකයේම අවධානය දිනාගත් මලාලා විවාහ ගිවිස ගනියි

- Advertisement -

ජාත්‍යාන්තරයේම අවධානය දිනාගත් තරුණියක වන මලාලා යූසුෆ්සායි විවාහ ගිවිසගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවරදී පැවති මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඉස්ලාමීය ‘නිකා’ චාරිත්‍රවලට අනුව පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මලාලා යූසුෆ්සායි මෙලෙස විවාහ ගිවිසගෙන ඇත්තේ පාකිස්තාන ජාතික අසර් මලික් නම් තරුණයෙක් සමගයි.

ඔහු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරනවා.

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නගන මලාලා 2012 වසරේදී ජාත්‍යාන්තරයේම අවධානය දිනාගත්තා.

ඒ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් පාකිස්තාන් තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව හඬ නැගීම හේතුවෙන් තලේබාන් තුවක්කුකරුවකු ඇය ගමන් කරමින් සිටි පාසල් බස් රියට ගොඩ වී මලාලාගේ හිසට වෙඩි තැබීමත් සමගයි.

බරපතළ ලෙස තුවාල ලැබූ මලාලා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ උපදෙස් අනුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩනයට රැගෙන ගියා.

ඉන් අනතුරුව ඇය ඇගේ මව පියා සහ සොහොයුරා සමඟ බ්‍රිතාන්‍යයේ ජීවත් වන අතර ඇය මේ වන විට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සිය උපාධියද සම්පූර්ණ කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...