‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යනවිට ඇය 78වන වියෙහි පසුවුණා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වෙන්නේ.
1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී උපත ලැබූ මාලනී ෆොන්සේකා 1963 දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසියා.
1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසුණු ඇය 1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූවා.
දශක 5කට අධික කාලයක සිනමා දිවියකට උරුමකම් කියන මාලනී ෆොන්සේකා නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්ත්‍රරි සුවඳ, තුෂාරා , ආවා සොයා ආදරේ ඇතුළු චිත්‍රපට සිය ගණනකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
2010 වසරේ සිට 2015 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද මාලනී ෆොන්සේකා මහත්මිය කටයුතු කළා.