මාලදිවයින ඊශ්‍රායල ජාතිකයින්ට එරටට ඇතුළුවීම තහනම් කර කරමින් නව නීතියක් පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාස තීරයේ යුද්ධයට විරෝධය පළ කරමින් පලස්තීන ජනතාවට සිය සහයෝගීතාවය ප්‍රකාශ කිරීමේ පියවරක් ලෙස මාලදිවයින මෙම තහනම පනවා ඇති බවයි.
මාලදිවයින් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු ඊයේ (15) ජනාධිපති මොහොමඩ් මුයිසු මෙම නීතියට අත්සන් තබා තිබුණා.
ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තෙක් ඊශ්‍රායල ජාතිකයින් එරටට පැමිණීම තහනම් කිරීමට 2024 ජුනි මාසයේදී මාලදිවයින පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණත් අදාළ නීති සම්පාදනය කිරීමේ කටයුතු ඇණ හිට තිබුණා.
කෙසේවෙතත්, 2024 මැයි මාසයේදී මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මීකයිල් අහමඩ් නසීම් විසින් මාලදිවයින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් අනුව එරට ආගමන පනත සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර දින 300 කට වැඩි කාලයකින් අනතුරුව ද්විත්ව පුරවැසියන් ඇතුළු ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන් මාලදිවයිනට පැමිණීම තහනම් කිරීමට එරට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.