28.4 C
Colombo
Wednesday, July 9, 2025

මාලදිවයිනේ ජනාධිපතිගෙන් ඉන්දියාවට සද්දයක්

- Advertisement -

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස පත්වූ මොහොමඩ් මුයිසු ඉන්දියානු හමුදාවට මාලදිවයිනෙන් ඉවත් වන ලෙස ඉල්ලා තිබෙනවා.

නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව සිටින මුයිසු, බී.බී.සී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර ඇත්තේ මාලදිවයිනේ සිටින සෑම ඉන්දීය හමුදා නිලධාරියෙක්ම ඉන් ඉවත් විය යුතු බව ඉන්දීය තානාපතිවරයා වෙත දැනුම් දුන් බවයි.

දීර්ඝ කාලයක සිට මාලදිවයින ඉන්දියාවේ බලපෑමට නතුව ඇති අතර ජනාධිපති මුයිසුගේ මෙම දැඩි තීරණය, මාලදිවයින සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය වීමට පසුබිම සකසනු ඇතැයිද විදෙස් මාධ්‍ය පවසනවා.

මාලදිවයිනේ නව ජනාධිපතිවරයේ ලෙස තේරී පත්වූ මුයිසු ඇතුළු ඔහුගේ සන්ධානය  මේ වන විටත් මාලදිවයින තුළ ණය සහ අනෙකුත් යටිතල පහසුකම් වශයෙන් මාලදිවයින තුළ  ඩොලර් මිලියන ගණනකින් ආයෝජනය කර ඇති චීනය සමඟ සබඳතා පැවැත්වීමට වැඩි නැඹුරුවක් දක්වනවා.

කෙසේවෙතත් ඉන්දියානු සාගරය තුළ මාලදිවයිනේ පිහිටීමත් සමඟ හට ගෙන ඇති උපාය මාර්ගික අවශ්‍යතා මත ඉන්දියාවද ඩොලර් බිලියන දෙකක පමණ සංවර්ධන ආධාර මාලදිවයිනට ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES