ඉතාමත් දුර්ලභ දරු ප්‍රසූතියක් ලෙස මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කල පුවතක් මොරොක්කෝවෙන් වාර්තා වනවා.
හලීමා සිසේ නැමැති මෙම 25 හැවිරිදි කාන්තාවගේ ස්කෑන් පරීක්ෂණයේදී ඇය දරුවන් 7 දෙනෙකු කුස තුළ දරාගෙන සිටින බව සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් දරු ප්‍රසූතියේදී ස්කෑන් පරීක්ෂණයට හසු නොවූ තවත් දරුවන් දෙදෙනෙකු සමඟ ඇය දරුවන් 9 දෙනෙකු බිහිකර ඇති බවට BBC ලෝක සේවය වාර්තා කරනවා.
සිසේරියන් සැත්කමකින් උපත ලැබූ මෙම දරුවන් 9 දෙනා අතර ගැහැණු දරුවන් 5 දෙනෙකු හා පිරිමි දරුවන් 4 දෙනෙකු සිටිනවා.
දරුවන් 7 දෙනෙකු ප්‍රසූත කිරීමට ඇය සූදානම්ව සිටි අවස්ථාවේදී මාලි රජය මැදිහත්වී ඇයව මොරොක්කෝව වෙත පිටත් කර යැවුණේ හලීමා හට විශේෂ ප්‍රතිකාර අවශ්‍යව තිබූ නිසාවෙනි.
කෙසේ වෙතත් ඇයත් දරුවන් 9 දෙනාත් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

