24 C
Colombo
Sunday, February 16, 2025

මාලිංග එළිදැක්වු ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’

- Advertisement -

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ නමින් පොතක් එළි දක්වා තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේ කොළඹදී එළිදැක්වූවා.

එම පොතේ පන්දු යැවීම සම්බන්ධව කරුණු 21ක් ඇතුළත්ව තිබෙනවා.‍

පොත එළිදැක්වීමේ අවස්ථාව සඳහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්වන සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියා.

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන්ද එම අවස්ථාවට එක්ව සිට තිබුණා.

“අද මම මෙතනට ඇවිල්ල මෙහෙම කාථා කරන්න හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට දැන් මම ඉන්න තැනට ප්‍රධානතම හේතුව තමයි මම විශ්වාසකරනවා… මම ගාල්ල රත්තගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු කෙනෙක්. මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා නිකම්ම මාලිංග අද මම යනකොට ලසිත් මාලිංග කියන තැනට මගේ නම පත්කරන්න. ඒ වගේම මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අපි වෙනදා යනකොට කවුරුත් අපේ අත්සනක් ඉල්ලන්නේ නැහැ. හැබැයි දැන් අත්සන කියන එක ඔටෝග්‍රාෆ් එකක් බවට පත් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා.”

ලසිත් මාලිංග විසින් රචිත කෘතිය සිය පියා අතින් පළමුව පිළිගැන්වූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටයි.

අනතුරුව එම කෘතිය පැමිණ සිටි අනෙක් ආරාධිතයන්ට පොත පිළිගැන්වූවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES