28.4 C
Colombo
Sunday, May 18, 2025

AI භාවිතයෙන් හැදූ සිංදුවලින් මුදල් ඉපයූ ඇමරිකානුවෙකුට නඩුවක්

- Advertisement -

කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කර නිපදවූ ගීත සඳහා ඩොලර් මිලියන 10ක් පමණ උපයා ඇති බව කියන ඇමරිකානු ජාතිකයෙකු එරට අධිකරණයෙන් වරදකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති ගීත ඔහු විසින් සැලසුම්සහගතව සැකසූ ව්‍යාජ ශ්‍රාවකයින්ට (bots) ඇසීමට සැලැස්වීම මඟින් වංචා සහගත ලෙස මුදල් උපයා ඇති බවයි.

52 හැවිරිදි මයිකල් ස්මිත් නමැති මෙම පුද්ගලයා වෘත්තීයමය සංගීතඥයෙකු වන අතර, AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කළ ගීතවලින් ව්‍යාජ ලෙස මුදල් ඉපයීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අපරාධ චෝදනා ගොනු කර තිබෙනවා.

මෙම ක්‍රියාව මඟින් ඔහු අදාළ ගීත ඇසීම සඳහා යොමු කර ඇති මාධ්‍යවල (streaming platforms) පවතින රීති උල්ලංඝනය කර ඇති අතරම සංගීත ක්ෂේත්‍රයේ සැබෑ ලෙසම නියැලෙස නිර්මාණකරුවන් අසාධාරණයට ලක් කර ඇති බව දකුණු නිව්යෝර්ක්හි නීතීඥ ඩේමියන් විලියම්ස් පවසා තිබුණා.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

POPULAR ARTICLES

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...