විශාල පිරිසක් ගෑස් ලබාගැනීමට පොලිමටවී සිටියදී අදාළ පොලිම මඟහැර පොලීස් ස්ථානයකට ගෑස් ටැංකි ලබාදීමට තනිවම සටන්කළ පුද්ගලයෙකු පිළිබද වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
අහුංගල්ල ප්‍රදේශයේ ජනතාව ගෑස් ලබාගැනීමට පොලිමේ සිටියදී පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එහි කාර්ය මණ්ඩලයට ගෑස් ලබාගැනීමට ගෑස් ලොරිය අහුංගල්ල පොලිස් ස්ථානයට ගාල්කර ගෑස් ටැංකි එම පරිශ්‍රයට මුදාහරිමින් පවතින අවස්ථාවක එම ස්ථානයට පැමිණි මෙම ප්‍රදේශවාසියා මෙම ක්‍රියාව නීතිවිරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බවට තනිවම සටන් වදනවා.
නීතිය ආරක්ෂා කිරීමට සිටින පොලිස් නිලධාරීන්ම මෙලෙස නිතිය කඩා ජනතාවට ලැබිය යුතු ගෑස් ටැංකි හොර පාරෙන් පොලිස් ස්ථානයට ලබාගැනීමට ඔහු දැඩිව විරෝධය පලකරනවා.
පසුව ලොරි රථ රියදුරා එම ගෑස් ලොරිය ගෑස් පෝලිම අසලට රැගෙන එන විට එහි පෝලිම්ගතව සිටි ජනතාව ප්‍රීති ඝෝෂා නගන අයුරු දක්නට ලැබෙනවා.
අදාළ වීඩියෝව පහතින්,