කොවිඩ් -19 නීති උල්ලංඝනය කිරීම සහ වෛරසය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වියට්නාම ජාතිකයෙකුට වසර 5 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය කටයුතු කර තිබෙනවා.
‘භයානක බෝවන රෝගය පුද්ගලයින් අට දෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ’ වරදට වැරදිකරු කරමින් ලේ වෑන් ට්‍රී (Le Van Tri)නම් පුද්ගලයකු වැරදිකරු ලෙස නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔහුගෙන් රෝගය බෝවුණ බවට සැක පළ කරන එක් අයෙකු අවසානයේදී මිය ගොස් ඇති බවද සඳහන්.
28 හැවිරිදි වෑන්, ජුලි මස මුලදී යතුරුපැදියකින් හෝ චි මිං නගරයේ සිට රටේ දකුණේ පිහිටි ඔහුගේ මව් පළාත වන කා මාවු වෙත ගොස් ඇති බව වාර්තා වී තිබුණා.
එහිදී ඔහු හුදෙකලා වීමේ නීති රීතිවලට අනුකූල නොවූ අතර සෞඛ්‍ය අංශ වෙත අසත්‍ය ප්‍රකාශ කර ඇති බව ද සඳහන් වුණා.
වෙනත් පළාත්වල සිට කා මාවු වෙත යන ඕනෑම අයෙකු වහාම දින 21 ක් හුදෙකලා විය යුතු බව එවකට පළාත් පාලන ආයතන විසින් නියෝග කර තිබුණු බවයි සඳහන් වන්නේ.
පසුව ඔහු වෙත කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඔහුගෙන් සුභසාධන මධ්‍යස්ථානයක සේවකයින්ට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ටද වෛරසය සම්ප්‍රේෂණය වූ බව සොයා ගැනීමෙන් අනතුරුව ඔහු මෙම දඬුවමට යටත් කරනු ලැබ තිබෙනවා.
වියට්නාමයෙහි ජුනි මාසයේ සිට කොවිඩ්-19 ආසාදන ඉහළ ගොස් ඇති අතර වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය මඟින් වෛරසය බෝවීම ඉහළ යාමත් සමඟ සංචරණ නීති වඩාත් දැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.