27.8 C
Colombo
Friday, April 26, 2024

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

- Advertisement -

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත සහ බේරේ වැව අතර පදිකවේදිකාවේදී පහරකෑ පුද්ගලයෙක්.

ඔහු එදින තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයා පසුගිය 16වනදා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

47 හැවිරිදි මිය ගිය පුද්ගලයා ගලහිටියාව කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෙරේදා (18) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හිසට හා පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් එම මරණය සිදුවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...